newton5

අයිසෙක් නිව්ටන්

isaac newton

අයිසෙක් නිව්ටන් එංගලන්තයේ වුල්ස්තොප් නම් ග‍්‍රාමයේදී 1642 වර්ෂයේ උපත ලැබීය. නිව්ටන් ඉපදීමටත් පෙර පියා මිය ගිය බැවින් ඔහුගේ බාල කාලය තම ධෛර්යමත් මෑණියන්ගේ රැකවරණය යටතේ ගෙවන්නට විය. සැබවින්ම එය ඔහුට දුෂ්කර කාලයක් විය. ගමේ පාසලෙන් ඉගෙන පසුව කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයට පිවිසි හේ අති දක්ෂ ගණිතඤයෙකු වූයේය. එම විශ්ව විදයාලයේම ආචාර්ය මණ්ඩලයට බැඳුණ ඔහුට එහි ගණිතය පිළිබඳ මහාචාර්ය තනතුර ලැබීමට වැඩි කාලයක් ගත නොවීය.

AKG333767

මොහු ටයිකෝ බ‍්‍රාහේ, කෙප්ලර්, ගැලීලියෝ හා කොපර්නිකස් ආදී තම පූර්වගාමීන්ගේ කටයුතු අධ්‍යයනය කරමින් ඒවායේ අඩුපාඩු වටහා ගනිමින් සහ ඔවුනට මගහැරි ගිය දේ සොයමින් කාලය ගත කළේය. නිවාඩුවක් ගත කිරීමට ගමට ගොස් සිටිය දී ගෙවත්තේ ඇපල් ගසක් යටදී ඔහු ගුරුත්වාකර්ෂණය වටහා ගනී. නටුවෙන් ගිලිහුන ඉදිනු ඇපල් ගෙඩියක් බිමට වැටීම ඇසුරෙන් එය සිදු විය. ඔහු තමන් අවබෝධ කරගත් කරුණු ප‍්‍රින්සිපියා (Principia) නම් ග‍්‍රන්ථයෙන් එළි දැක්වීය.

මේ හැර චලිතය (Motion) පිළිබඳ නියමයන් තුනක් නිව්ටන් විසින් ඉදිරිපත් කොට ඇත. ඒ හැර සූර්යාලෝකය වීදුරු ප‍්‍රිස්මයක් තුලින් යවා එහි වර්ණ හඳුනා ගැනීම, මුහුදේ වඩදිය හා බාදිය හටගැනීමට හේතු දැන ගැනීම. සූර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු අනාවරණය, පරාවර්තක දුරේක්ෂයක් තැනීම හා තවත් අම්ල විද්‍යාත්මක සෙවුම් රැසක් ඔහුගෙන් ඉටුවිය. තම වම් රටේ රාජ්‍ය සම්මානවලටත් විද්වතුන්ගේ බුහුමනටත් පාත‍්‍ර වූ අයිසෙක් නිව්ටන් 1727 වර්ෂයේ දී පරලෝ සැපත් විය.

newton5


Leave a Reply