ඇල්බට් අයින්ස්ටයින්

Albert-Einstein-Quotes-My10things

ජර්මනියේ වාසය කළ යුදෙව් පවුලක පුත‍්‍රයා ලෙස 1879.03.14 දින උපන්නේය. ඔහු උපන්නේ ජර්මනියේ උල්මි (Ulm) නුවරයි. ඇල්බට්ගේ පියා වෙළෙන්දෙකි. පාසල් සිසුවකුව උන් සමයේ, පසුබට, ඔතෑනි ළමයෙකු ලෙස ගුරුවරුන් විසින් හඳුන්වන ලද අයින්ස්ටයින් ක‍්‍රම ක‍්‍රමයෙන් ගණිතය හා භෞතික විද්‍යාව යන දෙවිෂයන්ගෙන් පෙරමුණට පැමිණයේය. ඔහු කුඩාවියේ සිටම තමන් හාත්පස ලෝකය ගැන ප‍්‍රශ්න කරන්නට පෙළඹුණ කෙනෙක් විය.

einstein_young

මූලික අධ්‍යාපනයෙන් පසු ස්විට්සර්ලන්තයේ සුරිවි නුවර උසස් කාර්මික අධ්‍යාපන ආයතනයකට ඇතුළුව උපාධි ලැබූ ඔහු රාජ්‍ය සේවයට බැඳුණි. ඒ රාජ්‍ය ආයතනයක පරීක්ෂකවරයකු ලෙසයි. අයින්ස්ටයින්ගේ දක්ෂකම් ලෝකයට අනාවරණය වීමත් සමග එවකට පැවති විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ආදිය ඔහුගේ සේවය ලබා ගන්නට උනන්දු වූහ. ඒ අනුව ඔහු විටින් විට ජර්මනියේත්, ස්විට්සර්ලන්තයේත්, චෙකොස්ලෝවැකියාවේත් විශ්ව විද්‍යාලවල ආචාර්ය හා මහාචාර්ය ධූර හෙබවීය.

Albert Einstein as a Young Man

1916 දී ඔහු විසින් ඉදිරිපත් කරන ලද සාපේක්‍ෂතා වාදය (Theory of Relativity) ලෝක ඉතිහාසයේ සම්භාවනීය න්‍යායක් සේ සැලකේ. අයිසෙක් නිව්ටන් විසින් ඉදිරිපත් කොට තිබූ යම්යම් අදහස් අයින්ස්ටයින් විසින් සංශෝධනය කරන ලදී. ඔහුට 1921 වර්ෂයේ දී නොබෙල් ත්‍යාගය හිමිවිය.

Special-Theory-of-Relativity-Website-Mobile-upgrade

ඇඩොල්ෆ් හිට්ලර් නම් ජර්මන් නාසි වාදියා විසින් දියත් කරන ලද යුදෙව් විරෝධි ව්‍යාපාරය ආරම්භයේදීම මව්රටින් පිට වූ අයින්ස්ටයින් එක්සත් ජනපදයට ගොස් එහි පුරවැසිකම ලබාගෙන එරට ප‍්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු විය. ලොව උගතුන්, බලවතුන්, දේශපාලනඥයන් හා සාමාන්‍ය ජනතාව යන හැමගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ අයින්ස්ටයින් ප‍්‍රින්ස්ටන්හි දී 1955.04.18 දින පරලෝ සැපත් විය.

albert_einstein_1947a

ඇල්බට් අයින්ස්ටයින් විසින් අනාවරණය කරන ලද කරුණු යොදාගත් දේශපාලකයෝ ඔහුට නොදන්වා පරමාණු බෝම්බය නිපදවූහ. එහෙත් ඔහු පරමාණු බෝම්බයටත්, යුද්ධයටත් තදින්ම විරෝධතා පළ කළේය.


Leave a Reply