galileo galilei

ගැලීලියෝ ගැලීලි

galileo galilei

ගැලීලියෝ ගැලීලි 1564 වර්ෂයේ ඉතාලියේ පීසා (Pisa) නුවර දී උපත ලැබීය. ඔහුගේ පිාය දිළිඳු ගායකයෙකු හා සංගීතඥයෙකි. ගැලීලියෝ කුඩා කල සිටම තමන් හාත්පස ලෝකය ඉතා ඕනෑකමින් නිරීක්‍ෂණය කළ අයෙකි. ඔහු ඉගෙනීමට දක්ෂ විය. ගණිතය ඔහුගේ ප‍්‍රියතම විෂයය වූයේය. මූලික අධ්‍යාපනයෙන් පසු පීසා විශ්ව විද්‍යාලයට ඇතුළුව උසස් අධ්‍යාපනය ලද ඔහුට එවකට ඉතා ප‍්‍රසිද්ධ විද්‍යා ආයතනයක් වූ පාදුවා (Padua) විශ්ව විද්‍යාලයේ ආචාර්ය තනතුරක් ලැබිණි. සිසුන් අතර අතිශයින් ජනප‍්‍රිය ගුරුවරයෙකු වූ ඔහු එහි මහාචාර්ය පදවියට ද පත්විය.

ගැලීලියෝ 1609 දී චන්ද්‍රයා, බ‍්‍රහස්පති හා සෙනසුරු ආදී ග‍්‍රහයන් ඉතා පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකි අංග සම්පූර්ණ දුරදක්නයක් (Telescope) තැනුවේය. ඒ ආධාරයෙන් ඔහු සඳේ ආවාට හා කඳු හෙල් ආදියත්, ග‍්‍රහලෝකවල උපග‍්‍රහයනුත් හඳුනා ගනී.

වස්තූන් බිමට වැටීමේදී ඒවායේ බර හා පතිත වීමට ගතවන කාලය අතර සබැඳියාවක් ඇතැයි එතෙක් පිළිගැනි තිබූ මතය ඔහු බිඳ දැමීය. ඒ පීසා නුවර කුළුණේ සිට ප‍්‍රමාණ දෙකක යකඩ බෝල දෙකක් බිමට අතහැරීමෙනි. ලොකු බෝලයත්, කුඩා බෝලයත් එකවර බිමට පතිත විය. සූර්යයා පෘථිවිය වටා යතියි එතෙක් පැවති මතය වැරදි බව ඔහු විසින් පෙන්වා දෙන ලදී. දෙව් මැදුරක එල්ලෙන පහනේ දෝලනය නිරීක්‍ෂණය කළ ඔහු බට්ටකු සහිත ඔරලෝසුවක් තැනීය.

galileos-telescope_bigගැලීලියෝ විසින් ඉදිරිපත් කරන ලද සූර්ය කේන්ද්‍රවාදී අදහස්වලට තදබල විරෝධතා එල්ල විය. තම අදහස් වැරදි යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමට ඔහුට බල කරන ලදී.

ගැලීලියෝ 1642 දී පරලෝ සැපත් විය.


Leave a Reply