Frans_Hals_-_Portret_van_René_Descartes

ඩෙකාට්

Frans_Hals_-_Portret_van_René_Descartes

යුක්ලීඩ්ගේ තල ජ්‍යාමිතියට සැලකිය යුතු යමත් එක් කරන්නට තවත් කෙනෙකුට ඉඩ ලැබුණේ ඔහුගෙන් සියවස් 19 කට පමණ පසුව ය. ඒ ප්‍රංශ ජාතික ඩෙකාට් ය. ජ්‍යාමිතිය කෙරේ දැඩි උනන්දුවක් දැක්වු ඔහු ජ්‍යාමිතියේ වර්ධනය වෙනුවෙන් මුළුමනින් ම කැප වූ පුද්ගලයෙක් විය. ඩෙකාට් විසින් කරන ලද අධ්‍යයනයක් තුළින් ගොනගාත් කරුණු අනුව යුක්ලීඩ්ගේ තල ජ්‍යාමිතිය ද්විමාන එකක් බව පෙන්වා දීමට හෝ සමත් විය. ඔහුගේ සොයා ගැනීම අනුව ද්විමානයේ පිහිටීමක් X සහ Y යන අචල අක්ෂ දෙකකට සාපේක්ෂකව ශ්‍රිතයකින් දක්වා ලියා හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. මීට ඉහත ක්‍රි.ව. 300 දී පමණ සිටි පැප්ස් විසින් ගොඩනගන්නට යෙදුණු විශ්ලේශණ ජ්‍යාමිතිය පිළිබඳ වු කරුණු ගැන නැවත සලකා බැලූ හෙතෙම ඒවා විධිමත් කරමින් එමගින් “ඛණ්ඩාංක ජ්‍යාමිතිය” නිර්මාණය කළේ ය. ඔහු මේ සඳහා ජ්‍යාමිතියේත් – වීජ ගණිතයේත් සංකලනය උදව් කොට ගත්තේ ය.

1937 දී තම සොයා ගැනීම් ලොවට ඉදිරිපත් කිරීමට ඔහු වෙලුම් 3 කින් යුත් ග්‍රන්ථයක් පළ කොට ඇත. මෙම වෙළුම් 3 න් වඩාත්ම ප‍්‍රකටව ඇත්තේ “La Géométrie”නම් ග්‍රන්ථයයි. ඛණ්ඩාංක ජ්‍යාමිතිය වශයෙන් වෙනත් ආකෘතියකින් නිර්මාණයට කළ ද, ඩෙකාටිගේ ජ්‍යාමිතිය යුක්ජීඩ්ගේ මුලධර්ම මත ම ඉදිවුවකි. පසුකාලිනව, “කලනය”නම් වු ගණිතයේ තවත් ශාඛාවක් නිර්මාණය කළ නිවුටන් සහ ලයිබ්නිස්ට් යන දෙදෙනාට ඒ සඳහා මංපෙත් හෙළි පෙහෙළි වුයේ, ඩෙකාට්ගේ මෙම ඛණ්ඩාංක ජ්‍යාමිතිය පිළිබඳ ව වු අදහස් මගින් ය.


Leave a Reply