JE jayasuriya

මහාචාර්ය ජේ. ඊ. ජයසූරිය

JE jayasuriya

විසිවන සියවසෙහි ජීවත් වෙමින් විසි එක්වන සියවසට ආසියාවේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති සැලසුම් කිරීමෙහි පුරෝගාමියකු ලෙස නමක් දිනාගත් ආචාර්ය ජේ.ඊ.ජයසූරිය ශ‍්‍රී ලාංකික අධ්‍යාපනඥයන් අතර වෙසසින් කැපී පෙනෙයි.

ආචාර්ය ජෝන් අර්නස්ට් ජයසූරිය අධ්‍යාපන දැවැන්තයකු බවට පත් වූයේ විශිෂ්ට ගුරුවරයකු, විදුහල්පතිවරයකු, ගත්කතුවරයකු, පර්යේෂකයකු, සමාජ විද්‍යාඥයකු සහ අධ්‍යාපන ප‍්‍රතිපත්ති සැලසුම් කරන්නකු වශයෙන් භාරදූර කාර්ය රැසකට උරදීම මගිනි. වර්තමානයෙහි මෙම ක්‍ෂේත‍්‍රයේ කැපීපෙනෙන අධ්‍යාපනඥයන් රැසකට මඟපෙන්වූ ගුරුවරයා වූයේ ද එතුමාය. විසිවන සියවසෙන් හතරෙන් තුනක් පමණ කාලයක් තුළ ගණිත විෂයය හැදෑරුවන්ට හා අධ්‍යාපන විද්‍යාව හැදෑරුවන්ට මෙම නාමය හඳුන්වාදීම අනවශ්‍යය. එමෙන්ම විවිධ අංශවල සේවය සඳහා බුද්ධිමතුන් හා අභියෝගාත්මක පුද්ගලයන් තෝරා ගැනීමට අදාළ බුද්ධිය හා අභියෝගතාව මැනෙන මිණුම් උපකරණ සකස් කිරීමේ කාර්යයට උරදුන්නේ ද මහාචාර්ය ජේ.ඊ.ජයසූරියයි. මෙබඳු ශ්‍රේෂ්ඨ බුද්ධිමතකු හා අධ්‍යාපනඥයකුගේ ජීවන තොරතුරු හා අධ්‍යාපනික මෙහෙවර තුළින් බින්දු මාත‍්‍රයක් ඉදිරිපත් කිරීම එතුමා ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට කරන ලද අමිල මෙහෙවරට උපහාරයක් වනු ඇතැයි සිතමි.


Leave a Reply