Read more" /> MathsSir - Study Maths for a Better Path Contents - MathsSir - Study Maths for a Better Path | [Content]
frontpage

MathsSir.lk දියත් වීමට සූදානම්

ගණිතය යනු විෂයයක් නොව සංකල්පයකි. මෙම සංකල්පය අවුරුදු ගණනාවක් පුරා විවිධ පුද්ගලයින් අතින් වර්ධනය වී අද වනවිට ඉතාමත් දියුණු තත්ත්වයක පවතී. අද ලෝකය මේතරම් දියුණු වී ඇත්තේ මෙම ගණිත සංකල්ප නිසාවෙනි. මෙම ගණිත සංකල්ප ගොඩනැගී ඇත්තේ තාර්කික ව ය.

ගණිතය විෂයය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංකීර්ණ වූත්, පුළුල් වූත්, විෂය ධාරාවකි. නමුත් මෙම විෂය සංකීර්ණ තරමටම වැදගත්ය. ගණිතය මගින් තාර්කික මිනිසෙකු බිහි කිරීමේ පළමු පියවර තබනු ලබයි. ගණිතය සියලූ විෂයයන්ගේ සහ විවිධ ක්ෂේත‍්‍රයන්ගේ හා විද්‍යාවන්ගේ මව් වේ.

අද ශ‍්‍රී ලංකාව ගත් කල ගණිතය විෂයයට සිසුන්ගේ ඇත්තේ අප‍්‍රියතාවයකි. පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා වැදගත් වන විෂයකට ගණිතය නිර්දේශයට අදාළ තවත් එක් විෂයක් ලෙස පමණක් සැලකිය නොහැකි අතර ගණිතය සිසුන්ගේ තර්කන ශක්තිය සාධාරණීකරන හැකියාව බුද්ධිමත් සහේතුක උපකල්පන කිරීමේ ශක්තිය සවිමත් හා වැඩදියුණු කරයි. මේ නිසාම ගණිත විෂයට නිර්දේශයේ ප‍්‍රමුඛ ස්ථානයක නිතැතින්ම හිමි වේ.

මෙපමණ වැදගත් ගණිතය, සිසුවෙක් අනිවාර්යයෙන්ම සමත් විය යුතු විෂය මෙන්ම අ.පො.ස.(සා.පෙළ) විභාගයෙන් අඩුවෙන්ම සමත් වන විෂයයක් ලෙස සැලකෙන්නේ මන්ද? මෙයට හේතුව විය හැක්කේ ගණිතය විෂයය ළමුන් විසින් අප‍්‍රසන්න විෂයයක් ලෙස සැලකීම විය හැකියි. ගණිතය විෂයය සිසුන්ට ප‍්‍රිය විෂයයක් කරලීමට තොරතුරු තාක්ෂණයෙන් පිළියමක් යෙදිය හැකි බව දිගු කාලයක පටන් මාහට අවබෝධ විය. ඒ සඳහා මාගත් උත්සාහයකි “MathsSir.lk” යන වෙබ් අඩවිය.

දැනට 9, 10, 11 ශ්‍රේණිවල නිර්දේශිත ගණිත පෙළ පොත හා ගුරුමාර්ගෝපදේශය අනුව ඉතා සරලව ගණිතය අපහසු ලෙස සලකන දරුවන්හට එය පහසු හා විනෝදාත්මක විෂයයක් ලෙස වටහා දෙන අතර පාඩම් ඒකක චලන රූප ලෙස අධ්‍යනය කර ප‍්‍රතිපෝෂණය සඳහා ඒකක කාර්යය පත‍්‍රිකා මාසික ඇගයීම් සහ වාර අවසාන ඇගයීම්ද භාෂා තුනෙන්ම නොමිලයේ ලබාගත හැක.

MathsSir.lk කවුරුන් සඳහා ද?

  1. පාසලේ විෂය බාහිර කටයුතුවල යෙදෙන සිසු සිසුවියන්ට විශේෂයෙන් ක‍්‍රීඩාවල යෙදෙන දක්ෂ සිසුන්ට පාසලේදී මඟහැරෙන පාඩම් ඒකක හැදෑරීමට ඔවුන්ට ක‍්‍රමවේදයක් නැති අතර එය මඟහරවා ගැනීම සඳහා යම් තරමක හෝ පිටිවහලක් මෙයින් ලබාදීම සඳහා
  2. දරුවෙකු රෝගී වී නිවසේ රැඳෙන අවස්ථාවක වුවද, පාසල් පද්ධතියේ එදිනට නියමිත ගණිත විෂය ධාරාව යම් තරමකට හැදෑරිම සඳහා
  3. ගුරු හිඟයක් පවතින දුෂ්කර ග‍්‍රාමීය පළාත්වල දරුවන්ට පාසල් පද්ධතියේ ඇති පරිගණක විද්‍යාගාර ආධාර කොට ගෙන ගණිත දැනුම ලබාගැනීම සඳහා
  4. දෙවන බසින් ඉගෙනුම ලබන දරුවන්ට එම භාෂාවෙන් අපහසු වන ගණිත ඒකක තම මව් බසින් හැදෑරීමට හැකිවීම සඳහා
  5. ගණිත දැනුම සොයා යන ඕනෑම කෙනෙකුට විවෘත වී ඇති මා විසින් නොමිලේ පිරිනමන ගණිත මෘදුකාංග අන්තර්ගත පද්ධතිය MathsSir.lk

යම් අඩුපාඩුවක්, අතපසුවීමක් හෝ අලූතින් යමක් එකතු කිරීමට ඇත්නම් අප වෙත දැන්වීම හෝ උපදෙස් දීම අපි ඉතා අගය කොට සලකමු.


Leave a Reply