ගණිතය යනු විෂයයක් නොව සංකල්පයකි. මෙම සංකල්පය අවුරුදු ගණනාවක් පුරා විවිධ පුද්ගලයින් අතින් වර්ධනය වී අද වනවිට ඉතාමත් දියුණු තත්ත්වයක පවතී. අද ලෝකය මේතරම් දියුණු වී ඇත්තේ මෙම ගණිත සංකල්ප නිසාවෙනි. මෙම ගණිත සංකල්ප ගොඩනැගී ඇත්තේ තාර්කික ව ය. ගණිතය විෂයය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංකීර්ණ වූත්, පුළුල් වූත්, විෂය ධාරාවකි. නමුත් මෙම විෂය සංකීර්ණ තරමටම වැදගත්ය. ගණිතය මගින් තාර්කික මිනිසෙකු බිහි කිරීමේ පළමු පියවර තබනු ලබයි. ගණිතය සියලූ විෂයයන්ගේ සහ විවිධ ක්ෂේත‍්‍රයන්ගේ හා විද්‍යාවන්ගේ මව් වේ. මේ නිසාම ගණිත විෂයට නිර්දේශයේ ප‍්‍රමුඛ ස්ථානයක නිතැතින්ම හිමි වේ.
Read more